ඔබ කියවිය යුතුම කතාවකි චමත්කා අබේනායක පාසල - උසස් බාලිකා විද්‍යාලය මහනුවර සාමාන්‍ය පෙළින් පසු සාර්ථක කතාවක්,
මම HNB plc සමඟ වෘත්තීය ජිවිතය ආරම්භ කළ අතර වයස අවුරුදු 22 ට පෙර මගේ පළමු උපාධිය ලබා ගැනීමට මට අවශ්‍ය වූ අතර දැන් මම 23 වන වියට පා තබා ඇත. වර්තමානය වනවිට මම ලංකාවේ වාණිජ බැංකුවේ කළමනාකරණ අභ්යාසලාභියෙක් ලෙස සේවය කරමි. නීතිඥයෙකු වීමට සිතු චමත්කා අබේනායක දැන් බැංකුකරුවෙකි. ඉම්පීරියල් විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරෙද බැංකුවේ සේවය කරන අතරතුර විම විශේෂත්වයකි. නිවැරදි සුදුසුකම් නොමැතිව කිසිවක් කළ නොහැකි බවට ඇය කදිම නිදසුනකි. මහනුවර ඉම්පීරියල් කොලේජ් හි උපාධි අපේක්ෂිකාවක් ලෙස උපාධිය ආරම්භ කරන විට චමත්කාගෙ අරමුණ වුයෙද ආයතනික ඉණිමඟට නැග, තරුණ උපදේශකයෙකු වීමට සහ හොඳ නායකත්වයකින් තම වෘත්තීය ජිවිතය පටන් ගැනිමටයි. ඇය පන්ති කාමරයෙ දීප්තිමත්ම තැනැත්තිය නොවන බව ඇයම පිළිගන්නා නමුත්, ඇගේ සියලු අරමුණු සාක්ෂාත් කරගත හැකි බව ඔප්පු කිරීමට ඇයට එම උත්සාහය තිබුණි. චමත්කා ශ්‍රී ලංකාවේ රජයෙ විශ්ව විද්‍යාලයට තේරී පත්වුවද ඇය මහනුවර ඉම්පීරියල් විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් ලෙස උපාධිය හැදෑරුවේය. "මම විවේක ගත්තොත්, මම කාලය ගත කළොත්, මම බොහෝම පසුපසින් සිටින බව මම දැන සිටියෙමි. මට අවශ්‍ය වූයේ මා අසාර්ථකයෙකු නොවන බව ඔප්පු කර ශක්තිමත් දැක්මක් , අවධානයක්,පැහැදිලි ඉලක්කයක් කරා වැඩ කිරීමෙන් මට අවශ්‍ය ස්තානයට ලගා විමටයි." චමත්කා මහනුවර ඉම්පීරියල් කොලේජ් හි CIMA සමඟ සිය ගමන ආරම්භ කළ අතර CIMA සුදුසුකම ලබා ගැනිමට ඇති එකම ස්ථානය වන මහනුවර ඉම්පීරියල් ආයතනයෙ උපාධි පාඨමාලාවේ 2 වන වසරට සම්බන්ධ විය. "මගේ ජීවිතයේ ලොකුම පියවර වුයෙ මගේ පළමු උපාධිය සම්පූර්ණ කිරීම සහ වයස අවුරුදු 22 දී අවුරුදු 3 ක සේවා පළපුරුද්ද සම්පූර්ණ කිරීමයි, එය මට නිසිආකරව කර ගැනිමට මෙම උපාධිය මහඟු අවස්තාවක් ලබා දුන්නා.මම දිනුවාට වඩා බොහෝ වාරයක් අසමත් වී ඇත. සෑම විටමකම දුෂ්කර කාලයන් ඇත, මේ සියල්ලෙන් ඉදිරියට යාම එතරම් පහසු නැත. නමුත් දවස අවසානයේදී, සෑම දෙයක්ම ධනාත්මකවව සිතමින් අපගේ මනස සකස් කර ගත යුතුය. සෑම දුෂ්කර කාලයක්ම අපට වැදගත් පාඩමක් උගන්වයි."පාඩම ඉගෙන ගැනීම සහ ඉදිරියට යාම" යනු මම දුෂ්කර කාලයන් වලදි කටයුතු කරන ආකාරයයි. සෑම දෙයකම සුභවාදි පැත්ත දැකීම. ”
ඉම්පීරියල් විද්‍යාලයේ උපාධි අපේක්ෂක වැඩසටහනේ දී, ඇයගෙ සිය ගමන ඉතා අගය කොට සලකන්නේ උපාධිය ඇගේ ජීවිතය යහපත් අතට හැරවූ නිසාවෙනි. ඉම්පීරියල් විද්‍යාලයේ උපාධිය ලබා ගෙන. ආත්ම විශ්වාසයක් ඇතුව අභියෝග ජයගෙන ඉදිරියට යාමට දැන් ඇයට ශක්තියක් ඇත. "මට යාමට බොහෝ දුරක් තිබේ, මෙය එක් පියවරක් පමණි.නමුත්, අද මම මෙ මොහොතේ නිහතමානිව සතුටු වෙමි." (BA HONS International Business and Finance) උපාධි පාඨමාලාවට Imperial College Kandy ඇයට උදව් කළ ආකාරය පිළිබඳව පැහැදිලි කළේ එලෙසිනි.